KEICH CORPORATION

Redefine almost everything...

  • Introduction

    My name is Kasun Harindu and I am the creator ...

  • Welcome speech

    I really appreciate your visit. It's an honour to me. Thank you! ...

  • What is this

    This blog contains my genuine opinions and attitudes. It could be a perfect reflection of me ...

  • What next

    So, go ahead and find out who am I. Please let me know about yourself too. Then I’ll be always faithful to you! ...

Posted by kasunharindu - - 0 comments


1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.

3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.

4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.

5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.

6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.

7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.

8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් වැරැද්ද ප්රතික්ශේප කරන්නවත් එපා.

9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, දේ කරන්න කියල බලකරන්න එපා.

10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.

11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.

12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.

13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ

14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්රශ්න දෙගුණ කරාවි.

15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.

16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි
17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.

18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි

19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා

20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.
[ Read More ]

Posted by kasunharindu - - 0 comments

                         Hey, you know what; right now I’m in the library. Yesterday I found a very interesting book. But I didn’t have much time to finish it. Today I determined to finish it somehow. I’m sitting on a sofa. Just a while ago a girl walked towards me and sat down right in front of me. Oh, I can see her very closely. Actually there is no one here, just us. I saw that she had a friend, but fortunately hers friend not here.
                      
                      Well she looks very sexy (I’m sorry for using this word, I simply can’t find any other suitable word to describe her appearance). She has a ponytail and it’s slightly brown not blonde. She has got wide thin lips, don’t be tempted. She’s quite tall and slim too. She wears tight jeans, all in black. She is not very fair but it’s an attractive complexion. I think she’s in her early twenties. But I’m just twenty. She must be elder than me. So what? I’m not going to marry her.
                      
                           No way, this can’t be happening. Another girl has headed this way. I’m not expecting anything. I desperately turn my eyes down. At that very moment someone has sit right next to me. Guess what, it’s her! She looks younger than me. May be not, perhaps she’s older than the previous girl. This one seems very innocent. May be that’s why I thought she’s so young. Well I know that we shouldn’t judge a person (especially a girl) by hers/his stereotype. But I wasn’t able to find any similarity between these two girls except their clothes. It’s natural, because when a girl comes to this place she has to wear this kind of clothes which are exposed to the western culture. Otherwise you will find it is very hard to make friends.
                         
                         Both of them glanced at me, so I served them a smile. Luckily they did the same. Well, well if they find out that I’m writing about them, my life will end on the spot. But I don’t have any fear about it. Because I’m really very good at this, believe me. Just after another half an hour both of them had left the library. Do you know what does it really mean? It means I have been beginning to lose the memory about them. Tomorrow I will write about another girl that I have never seen before…
                           



                         From two months now, I have been noticing some particular features in girls who walk through the B|C gate every day. Most importantly they are overacting and trying to show something that they really don’t have! Simplicity cannot be finding here. In literally meaning, they are not genuine…….I can’t say all of them, but the majority. If you are mad at me now, just think why...Good luck!
[ Read More ]

Posted by kasunharindu - - 0 comments

Chapter 1
       I was born on 28th of April 1990. Exactly at 11.27am. As you know I don’t remember any of it. Actually it is completely blank till I walk. Well I have got a dark wavy hair and dark brown eyes. My grandparents from both sides were very fond of me. I remember that.
I live somewhere between Maharagama and Piliyandala. My home sweet home situated in a nice location surrounded by good neighbours. But I don’t have these things such as noisy vehicles, polluted & carbonized air, 30C+ heat…etc.

When I was four my parents guided me to a preschool called “foundation”. When I was five I went to another preschool in Maharagama. It was a church, I am Buddhist. Well it doesn’t matter. Ehem…ehem..I have got a photographic memory of its surroundings and oh one thing very clear. Four teachers were guiding us. Among them I liked someone very much. Well because she was simply fair, tall, beautiful and talking too much. But she got married just before we left that institute. So I missed her (not really). After many years I realized that it was my very first crushJNo, no I’m just kidding.



Chapter 2
          Now begins the most favourite chapter of my life. I met my second family, President’s College Maharagama. I don’t know how to express my love to my beloved school. Grade 1 to 13 means over thirteen years of my life has been spent there without any trouble. Now I’m 20 years old. I had to leave my high school last year. To me it was a tragic.

Grade 9 to 13 (2004-2009) were my golden years. I had so many experiences during this period. I have learnt lot of things about life. But surprisingly I’m still learning and I can’t see the end.
In these twenty years of my life I have never failed an exam, not even that scholarship exam in grade 5. In 2008 & 2009, I became kind of a famous guy among all classes I attended (well I think so). I don’t know how but whatever I did in the class, it was rocking. Wow what a time!

But unfortunately I didn’t understand the exact meaning of Advanced Level. So consequently I missed the competition. As I said above, it couldn’t fail me. Yea I passed the exam. But you know my results were not good enough for the university entrance. So I had to take a decision about my future. There were two possible options.        (1). Leave higher education & do a job        or
                                                                                      (2). Give a last try
 What did I do?........................................................................................................



Chapter 3
      I don’t want to make you impatient. Well I chose the second option. I decided to do A/L again. I am optimistic about my chances of success. It helped me to take this risk.

                                                *(To be continued)*

[ Read More ]

Posted by kasunharindu - - 0 comments

How many times do I have to tell you that I’m Kasun. I was just finished my G.C.E A/L exam.it was quite difficult, but I know I can get through with it. I studied at president's college Maharagama. I had an awesome time in there.
              
Now I’m studying at British council. Our teacher forced us to create a blog. That’s why I’m doing this. Oh no, I’m going away from this topic. Well, I can’t simply say who am I. That is unfair. I think you should decide what kind of a person I am. However I could help you to judge me precisely. From here I’m going to categorize my likeness & unlikeness.
When I’m at home I like to do my things by my own. But sometimes my parents won't let me do things. I’m really very familiar with my computer.
When I’m at outside I love to be with my friends. Cause it makes me happy. I strongly believe that I don’t have any enemies. When I meet someone for the first time, I study that person very carefully. Then I can detect that person’s type. And also when I’m with him/her I’ll respect his/hers opinions & attitudes. So they will never let me go…..
Anyway I hate swollen headed people. Because they have got no any potential, but they know how to show off & neglect others.
*(To be continued)*
[ Read More ]

Posted by kasunharindu - - 3 comments


ඔබටත් "පොෂ්" වීමට අවශ්‍යද?..මෙන්න නොමිළේ පුහුණුවක්...


අද ලංකාවේ "පොෂ්" පැලැන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ පොෂ් පැලැන්තියද අබිබවා යන තරමට පොෂ් ය..කෙටියෙන් කිව්වොත් "පොෂේ පොෂ්ය"..අන්තර්ජාලය තුල ඔබට පොෂේ පොෂ්ලා අප්‍රමාණව සොයා ගත හැක..ලාංකික පොෂ්ලා වර්ග දෙකක්යැයි සමහරු කියති..එනම් "රියල් පොෂ්" සහ "වෙන්ට පොෂ්" යනුවෙනි..මෙහි වෙන්ට පොෂ් යනුවෙන් හඳුන්වන්නේ, උප්පත්තියෙන් ඇට මිදුළු තුලට කාන්දු නොකරන ලද "පොෂක්" ඇඟේ පතේ එල්ලා ගැනීමට, අළුයම සිට මධ්‍යම රාත්‍රිය තෙක් අම්බානක ට්‍රයි එකක් දෙන අයටය..

නමුත් මට පුද්ගලිකව හැඟෙන දෙය නම්, පොෂ් ආර උපන් හැටි ගවේෂණය කර බලන විට අප රට තුළ සිටින්නේ සමස්ථයක් ලෙස බලන කල "වෙන්ට පොෂ්" ලා පමණක්ම බවය..මොකදැයි කිව්වොත් අද ඔය "චීයා මෙයා කන්ට්‍රි සයිඩ් මඩි ඇන්ඩ් ඩස්ටි" කියන අයගේ අප්පලා, මහප්පලාත් හොඳට කර වටක් හැලි කුඹුරු වල මඩේ බැස ගොවිතැන් කල, අහිංසක සාධාරණ මිනිසුන් වීම නිසාය..ලංකාව දූපතකි..එනිසා මේකලාගේ පරම්පරාවල මුල් ඇත්තේද, අද ඔවුන් "ගොඩයන්" යැයි කියන අපේ මුල් ඇති තැන්වලම තමාය..උන්ගේ පරම්පරා බී ඇත්තේත්, මුලින් සිංහල තන කිරිත්, පසුව සිංහල පොලවේ තණ කන කිරි අම්මලාගේ කිරිත්මය..නැතුව මුන්ට "මෝල්ටඩ් මිල්ක්" පොවන්නට ඒරොප්පෙන් වික්ටෝරියා කිරි බුරුල්ල දික් කළේ නැත..දික් කළා යැයි මුන් සිතාගෙන සිටීම වෙනම කාරණයකි..

...පොෂ් වන්නේ කෙසේද යත්...

ඔබ පිරිමියෙකු වේ නම්, කොණ්ඩෙයි රැවුලයි බමුණෙකු සේ වවාගෙන හිඳීමෙනුත්, ගැහැණියක වේ නම් පිස්සියක සේ කෙස්ස වනාගෙන සිටීමෙනුත්, දෙපාර්ශ්වයම ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවාගෙන, කරවටා ඇට මාලයක් බැඳගෙන, පොඩි "ලිට්‍රිචර් බර, ආර්ට් බර" ලුක් එකක් ගැනීමෙන් "පොෂ්" සොයා ඔබ යන ගමන ආරම්භ කළ හැක...

ඔබ සිංහල කමට, බෞද්ධ කමට පයින් ගැසිය යුතුමය..ඒවා තියාගෙන ඔබට පොෂ් වන්නට තියා හිතන්නටවත් නොහැක..එසේ පයින් ගසා "පෝස්ට් මොඩර්නිස්ම්" නමින් ඔබට සපයා දෙන, ඔබට දිරවා ගත නොහැකි ආහාර වේල්, මේස පහුරු ගගා වුවද, අමාරුවෙන් ගිලීම ආරම්භ කළ යුතුය..එවිට ටික වේලාවක් යනවිට ඔබද "පෝස්ට් මොඩර්න් පොරක්මි" යන හැඟීම ජනිත වනු ඇත..මේ කෑම ඇමරිකාවේ සිට සීත කර, කල් තබාගැනීමේ ද්‍රව්‍ය යහමින් කවලම් කර එවුවත්, නියම "පොෂෙක්" වීමට නම් මේවා සිංහල ලිප් ගල් වල තබා රත් නොකිරීමට වග බලා ගන්න..හැකිනම් හෝදන්නේ වත් නැතුව අමුවෙන් කෑම යෝග්‍යය..හීතල පිටින්ම කනවා නම් වඩා හොඳය..එවිට බොක්ක කූල් වී, පොත්තද ඩින්ගිත්තක් සුදු වනු ඇත...

...ඇස් සහ මොළය...

මේ කෑම බොක්කේ වදිනවාත් සමඟම ඔබේ "නෝර්මල් විෂන්" එක ක්ෂණිකව වෙනස් වී "වැම්පයර්" ඇස් දෙකක් පහළවේ..එය දම් පාට, කොළ පාට, රතු පාට හෝ නිල් පාට වුවද විය හැක..එය මොන පාට වුවත්, එතැන් සිට ඒ ඇස් දෙකට, "පඬුවන් පැහැය" හා "කාකි පැහැය" පේන්නට බැරි වනු ඇත..එනම් බුද්ධ චීවරය හා ලාංකික ත්‍රිවිධ හමුදා යුනිෆෝම් දෑහැට දකින්නට බැරි තත්වයකි...බැරිවෙලාවත් දෑහැට දැක්කොත් දෑසම පිලිස්සී යාමේ තර්ජනයක් ඇති බැවින්, "වැම්පයර්ලා" ඉර එළියෙන් ආරක්ෂාවී දවල් කාළය සොහොන් ගෙවල් අස්සේ සිටින්නා සේ, පන්සල් හෝ ආමි කෑම්ප් අසළින් යෑම නොකිරීම ශරීර සෞඛ්‍යයට යෝග්‍යය...නමුත් මේ ඇස් දෙකට, ඩොලර් නෝට්ටු වල ලා කොළ පැහැය නම් ඉතාම සැනැසිලි දායක දර්ශණයක් වනු නො අනුමානය..

මේ අළුත් ඇස් ජෝඩුව, ඔබට ජන්මයෙන් ලැබී ඇති සිංහල මොළය සහ දෘෂ්ටික ස්නායු සමඟ පෑහෙන්නේ නැත...( කම්පියුටර් බාසාවෙන් කිවහොත් " කම්පැටිබල්" නැත )...එනිසා ඇතැම් විට, ටික වෙලාවක් බලන විට ඇස් කකියාගෙන එන ගතියක් දැනුනොත්, බැරෑක් ඔබාමාගේ කෝට් සාක්කුව දෙස මොහොතක් බලා අනිමිස ලෝචනය දැක්වීමෙන් ඇස් කැක්කුම මඟ හරවා ගත හැක...

ඒ ආහාර දිරවා ගත නොහැකිව ඔබ අභාවප්‍රාප්ත වූ දිනක, "පෝස්ට් මොඩර්නිස්ම්" එක ක්ෂණිකව "පෝස්ට් මෝර්ටම්" එකක් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුවද ඔබට ලැබෙනු ඇත..එදාට බොක්ක අස්සේ, සිංහල ගැස්ට්‍රික් වලින් බේරී, බඩවැල් කමින් සිටින, මිෂෙල් ෆුකෝලා, ජැක්ස් ඩෙරීඩාලා, ජීන් ලියෝටර්ඩ්ලා එලියට ඇද දැමූ පසු, ඔබට පාංශු කූලය දී, මතක වස්ත්‍ර පූජාවක් කර ගැනීමට මහා සංඝ රත්නය ලං කර ගැනීමට සිදුවනු ඇත..මෙය මේ කෑමේ පොඩි "සයිඩ් ඉෆෙක්ට්" එකකි....එතෙක් භික්ෂූණ් වහන්සේලා, කුස ගින්න නිවා ගැනීමට පිණ්ඩ පාතයේ වැඩීමවත් ඔබට පෙන්නනට බැරිවනු ඇත..හිතෙන්නේම බනින්නමය..

...බාසාව සහ කථනය...

මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ බටහිර දැනුම අන්තර්ගත ඉංග්‍රීසි පොත, පතය..නමුත් පොඩි කොස්සක් ඇත..ඔබ උප්පත්තියෙන්ම යම්කිසි රටක චින්තන රටාවට හුරු වූවෙකු නිසාත්, මොන සෙප්පඩ විජ්ජා පෙන්වන්න හැදුවත් ඔබේ මව් බාසාව අමු "හිංගල" නිසාත්, මේ පොත් පත් වල තියෙන දේවල් "Translate" කර, අනතුරුව ඒවා නිවැරදිව තේරුම් ගැනීමට ඔබට හෙන ගේමක් දෙන්නට සිදුවනු ඇත...පොෂ් වෙන්නට "ට්‍රේනින්" අවදියේ සිටින බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියවත් මළ පොතේ අකුරක් බැරි හෙයින් ලාබෙට ගත් "ඩික්" එකක් හෝ නැත්නම් "මධුර ඔන්ලයින්" හෝ මුල් දවස් ටිකේ ලං කරගෙන, අමර කට්ටක් කා, පෙරැළී සිට, උජු කායිකව සිට, නලියා, කෙසේ හෝ වචනයෙන්, වචනය සෙට් කර ගත යුතුය..

එසේ සෙට් කරගෙන බලන විට සිංහල තේරුමට ඇවිත් ඇති වචන ටික ඔබටම නොතේරුනත්, තේරෙනවා වගේ සිටිය යුතුය...

එතැන් සිට කවුරුන් හෝ ආගම හෝ ජාතිය ගැන ඉතාම සරල කෙටි සංවාදයකට එළැඹියත්, බල්ලෙකුටවත් නොතේරෙන, එකිනෙකට කිසිදු ගැළපීමක් නැති වැල් වටාරම් රාශියකින් පිළිතුරු දීමට වගබලා ගත යුතුය...ඒ පිළිතුරට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නම් දෙක තුනකුත් ඇඩ් කිරීම මැනවි..අදාළ වීම, නොවීම ගැන කරදර වෙන්නට එපා..."Christopher Columbus, James Cook, James Madison, Mariyn Mayson, Ferdinand Magallan, Charles Chaplin, Victor Hugo.." ඔය තියෙන්නේ නම් ඕන තරම්..ඒත් මදි නම් "සයිමන් නවගත්තේගමයන්ගේ" නවගත්තේගම කෑල්ල උපුටා දමා සයිමන් කෑල්ලත්, "මාර්ටින් වික්‍රමසිංහයන්ගේ", වික්‍රමසිංහ කෑල්ල උපුටා දමා මාර්ටින් කෑල්ලත් පරිහරණයට ගන්න...

ඒ වන විට ඔබ ඔළුවට දා ගන්නට ට්‍රයි කල "පරිවර්තන" අවකාශයේ ඔබම අතරමං වී, "ඇඩ්‍රස්" නැති වී සිටින නිසා, මෙසේ නොතේරෙන වැල් වටාරම් කීම එතරම් ප්‍රායෝගික ගැටළුවක් නොවනු ඇත...

ආරම්භයක් හැටියට, ඔබ කථා කරන සෑම වචන දහයකටම, ඉංග්‍රීසි වචන අටක් වගේ යොදා ගත හැකි නම් මැනවි..

ඔබ තරුණ වයසේ සිටින "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:

"යෝ, ඩූඩ්, වස්සප්, කූල්, ඕකි ඩොක්ස්, ඩහ්, අයි වොස් ලයික්, ගර්ල් වෙනුවට ගැල්, සික්, බ්‍රෝ" ආදී වචන වැළක් කොළ කෑල්ලක ලියාගෙන, එළිවෙන ජාමෙට කට පාඩම් කිරීම මැනවි..(Yo!, Dude, Wazzup, Cool, Oki Dokz, Duh, I wazlike, Gal, Sick, Bro, Sis..)..හැබැයි ඔය බාසාවෙන් දුරකථනයකින් අමතද්දී, වත්තේ හා වටාපිටාවේ කුකුළ්ලුන්ගේ කට බැඳ තබන්න..කුකුළන් හඬලන සද්දය ඇසීම, "පොෂ්" ප්‍රතිරූපයට බෙහෙවින්ම අහිතකරය...

මේ වචන ආවේ කොහෙන්ද, තේරුම් මොනවාද, සොයන්නට මහන්සි ගන්න එපා..තමන් කියන අනිත් වචන වලට, තම ඇඳුමට, පැළඳුමට මේ වචන ටික ගැළපෙනවාද සොයන්නත් එපා..එමෙන්ම, ඒ වචන ඉන්නා තැන, නොතැනට ගැළපෙනවාද බලන්නත් යන්න එපා..

ඇමරිකාවේ අයත් මේ වචන පාවිච්ච් කරන්නේ තැන, නොතැන බලා වුවද, ඔබ ඒ ගැන වෙහෙසෙන්නට එපා..මක් නිසාද එහි සිටින්නේ "පොෂ්" වුවත්, ඔබ "පොෂේ පොෂ්ය"..


ඔබ මැදි හෝ මහළු වියේ "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:


" වෙරි හොට්, සෝ හොට්, ටයරිං, බෝරිං, ඩිමොක්‍රසි, ෆ්‍රීඩම්, රයිට්ස්, ප්‍රෙස්, මීඩියා ෆ්‍රීඩම්, ඉකොනොමි, ෆ්ලක්චුඒෂන්ස්, ස්ටොක්ස්, ෂෙයාර්ස්, ගවර්න්මන්ට්, නෙපොටිස්ම්, වයලේෂන්ස්" වගේ වචන ටිකක් අද කාළයේ හැටියට දැන ගැනීම ප්‍රමාණවත්ය...

උපන්නේ බුද්ධාගමට වුවත්, නිකමට වගේ "ගෝඩ්", "ජීසස්" වැනි වචන කටට හුරු කර ගන්නවා නම් වාසිදායකය...

කියවා තේරුම් ගන්න තරම් මොළයක්, තිබුණා හෝ නැතා බටහිර ලේඛකයන් ලියූ සම්භාව්‍ය කෘති ටිකක් රෙඩි පිට ළඟ තබා ගන්න...හදිස්සියකට ඕවා හොය, හොයා ඉන්නට බැරිය..ඒ පොත් නැති කරගන්න නම් එපා..නැති කරගත්තොත්, ප්‍රශ්ණයකට උත්තර දෙන්නට, "තමන්ගේම කියා" යමක් නැති හෙයින්, ඔබ චාටර් වනු ඇත...


....ජාතිය හා ජම්මය...

අර අළුත් ඇස් දෙක ලැබුණු මොහොතේ පටන් ඔබට සිංහල ජාතිය කුඩාවටත්, සෙසු ජාතීන් අලීයටත් පේන්නට පටන් ගනු ඇත...


එතැන් සිට ඔබ "සිංහල" නොවන බව මතක තබා ගන්න..වැරදිලාවත් කටට එන ජාතිය "සිංහල" යන්න අමාරුවෙන් ගිල ගන්න..එතැන් සිට ඔබ "ශ්‍රී ලන්කන්ය"..රෝගය තවත් උත්සන්න වන විට "ශ්‍රී ලන්කන්" එකත් ගිලිහී ගොස්, "යුනිවර්සල් ජොයින්ට්" එකක් වීමේ අවදානමක්ද පවතී..ලෝකයේ සියළු ජාතීන් සර්ව සමානව, අත්වැල් අල්ලාගෙන, පුර සඳ එළියේ, පැසිෆික් සයුරේ නිල් දිය මත, ඩොල්ෆින්ලා හා නටන අයුරු සිහිනයෙන් දකින්න..එවැනි ලෝකයක් කරා තමා යන බව නිරතුරුවම සැමට පවසන්න...අවශ්‍ය නම් ඒ බව ඔප්පු කර පෙන්වීමට වැල්ලවත්තට ගොස් එහි සිටින, එල්.ටී.ටී.ඊයෙන් පැන ආ අයෙකු වුවද, තරයේ බදාගෙන "උම්මා" දීගෙන, දීගෙන යන්න..( එහෙත් පොඩ්ඩක් පරිස්සම් වන්න.. බැරිවෙලාවත් පරණ හැට්ටයක් බැනියමට යටින් තිබී, එහි වයර් ඇදුණොත්, පෝස්ට් මොඩර්න් කෙසේ වෙතත්, පෝස්ට් මෝර්ටම් එකක් තියන්නටවත් ඔබ ඉතිරි නොවනු ඇත..)


ලංකාවේ මුල් උරුමය, එහි මුල් බැස ගත්, ඓතිහාසික දර්ශක සාධක සහිත සිංහලයන් සතු නොවේද, එසේ නම් එය "සිංහලේ" නොවේදැයි, යම් කෙනෙකු ඔබෙන් අසන්නට ආවොත්, ඔහුට හෝ ඇයට පහත වදන් පෙළ මතක තබාගෙන පිළිතුරු දෙන්න...


" නෑ..මේක සිංහලයන්ගේ රට, සිංහල උරුමය, කියලා හිතීම එන්නේ අඤ්ඤ්‍යය ජන විශෘතිය තුළ හටගන්නා වූ පරිලෝකන කල්පිතයන් තුළින් ඇතිවන සන්තතික ප්‍රකම්පනයන් මුල් කොට ගෙන, බහු ජන මූලයන් තුළ කිඳා බසින්නා වූ, පරපෝෂිත ආකල්ප සහ එයින් නිර්ණය කළ හැකි අවලෝකිතේෂ්වර ධාතූන් තුළ එල්බ සිටින පරපීඩ්‍යතා ලක්ෂයන් අවට සැරිසරන්නා වූ, පාරිලෙ‍ය්‍ය වනයේ ප්‍රභාසංස්ලේෂණ රටා මඟින් සමාජය සම්ප්‍රේෂණය කරනු ලබන, උදෘඨ, දෘඨ ලක්ෂණයන් අවකලනය කිරීමෙන්, මනෝ මූලික විභව ශක්තීන්, චාලක ශක්තීන් වීමෙන්..මෙහෙම කියලා තියෙන්නේ මයිකල් ජැක්සන්"...


.. එයින්ම ඔබේ තර්කය තහවුරු වනු ඇත...


....ආගම....


සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ..නිතරම "කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය" යන්න පුණුරුච්චාරණය කරන්න..

කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්:


" නෑ..බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .....ඩිඟි..ඩිඟි...ඩිඟි....බ්ලාහ්..බ්ලාහ්....මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්" හරි නේ?...



..."පොෂ්" චර්යා රටා...


උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට "වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ" කියා කීම මැනවි..පුරුෂ පක්ෂයට මේ "ස්පා" එක වෙනුවට "මසාජ් ක්ලිනික්" එකක් ආදේශ කරගත හැක..ඒවායේ සිටින්නේද, ඔබට පෙර "පොෂ්" වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය...


ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න..සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න..කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, "බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ" නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් "ගොඩයන්" ලෙස හංවඩු ගසන්න...මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් "හියුමන් රයිට්ස්" තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් "කුක්ෂරය" වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න..


අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න..අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත..පොෂේ පොෂ්ය...


ඉඳ හිට හෝ ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට "මාෂ් මිලෝස්" කෑලි දෙක තුනක්, "ජුජුබ්ස්" කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය "හායි" (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය...


පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත "බ්ලැක්බෙරි" ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය...



මේ "කෝස්" එක අවසාන වන විට ඔබ "පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්" වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත..



නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න....

[ Read More ]

Posted by kasunharindu - - 1 comments

This is the English translation of a Tamil song.
You gonna feel something fresh at the end of this beautiful lines...So go ahead.


Why did you shatter
my heart into pieces?

l'll give you my other heart
to break again...


- Dad!
 ln the middleoftheroad...


Whatif some car hits you...
For a film...


Hosanna...hosanna...
(Praise be to love)


That moment...one evening


the time our eyes met


the time l lost myself


something happened to me...


Touched by the sky...


Dad's chiding words
vanished with the wind...
Hosanna...


She just crossed my doorstep...
Hosanna...


that's all she did...


l'm reeling...
l'm falling to pieces...


After she left l'm searching
for my heart


Hosanna...


l came close to living...


Hosanna...


l came close to dying too..


Hosanna...


'cos ...l'll say its love
Hosanna...


Everybody wanna know
what l feel like? l feel like


l really wanna be here with you


lt's not enough to say that
we are made for each other


it's love thatis...
Hosanna true...


Hosanna...Be there when you're
calling out my name...


Hosanna... Meaning of
my whole life has changed


l never wanna be the same...


lt's time were-arrange


l takea step...
You takea step...


Me ah...calling out to you...


Hello...
Hello...


Hello...


yo-o-hosanna...


Butterflies in many hues
flutter here and there
in search of flowers


A cloud...a single cloud


moves here and there
to caress me softly,
drop by drop
Hosanna...


ls the butterfly here?


Hosanna...


Has the cloud touched you?


You become a shell
l become a child
to clasp you in the
palm of my hand
protectively...


Hosanna...
...to shower love on me
Hosanna...
...to walk along with me
Hosanna...


just say okay...that's enough
Hosanna.


Why did you shatter
my heart into pieces?


l'll give you my other heart
to break again...


Why did you shatter
my heart into pieces?


l'll give you my other heart
to break again..................................*
[ Read More ]